News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
29

නීතිය හා සාමය ෆීල්ඩ් මාර්ෂල් තුමාට දෙන්න පසුපෙළෙන් යෝජනාවක් ?

1082 Views


නීතිය හා සාමය ෆීල්ඩ් මාර්ෂල් තුමාට දෙන්න පසුපෙළෙන් යෝජනාවක් ?

පොලිස්පති පූජිත් ජයසුන්දර ඉවත් කිරීම සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර ප්‍රකාශකර තිබුණා.ඔහු කියා සිටියේ ආණ්ඩු පක්ෂයේ සියළු මන්ත්‍රීවරුන්ගේ එකඟතාව මත මෙම යෝජනාව ඉදිරිපත් කරන බවයි.අද පස්වරුවේ අරලියගහ මන්දිරයේදී එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමුවීමට නියමිතයි.

මේ අතර, අද දිනයේදී නීතිය හා සාමය අමාත්‍ය ධුරය, පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට ලබාදෙන ලෙසට එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් ඉල්ලා සිටීමට බලාපොරොත්තු වන බවත් පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන්කර සිටියා.


News Articles
Latest Videos
Most Popular Post