ෆොනී සුළිකුණාටුව මඩකලපුව සිට නැගෙනහිර දෙසින් කි.මී 580 පමණ දුරින් ස්ථානගතව පවතින බව කලාගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මෙම පද්ධතිය චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඉදිරි පැය 12 තුළ ඉතා චණ්ඩ සුළි කුණාටුවක් බවට පත්වන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ
ෆොනී සුළි කුණාටුව ලබනි මස 01 වනදා දක්වා නැගෙනහිර වෙරළට ඔබ්ඛෙන් වයඹ දෙසට ගමන් කර ඉන්පසුව ක්‍රමයෙන් නැවත හැරී ඊසාන දෙසට ගමන් කරනු ඇති බව කලාගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත්කල නිවේදනයේ සඳහන්
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඉදිරි දින කිහිපයේදී තද සුළං සහ තද වැසි තත්වයක් අපේක්ෂා කරනවා
උතුර උතුරුමැද වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය සහ අම්පාර දිස්ත්‍රික්කවලත් විටින් විට තරමක තද සුළං ඇතිවිය හැකියි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර සබරගමුව, මධ්‍යම, දකුණු, බස්නාහිර හා වයඹ පළාත්වල සහ මන්නාරම දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මි.මී.150 ට වැඩි ඉතා තද වර්ෂාපතනයක් ඇති වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.