News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
30

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ මරාගෙන මැරෙන ප්‍රහාරයක් සැලසුම් කළ පුද්ගලයෙකු එරට පොලීසිය විසින් අත්අඩංගුවට

710 Views


ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ මරාගෙන මැරෙන ප්‍රහාරයක් සැලසුම් කළ පුද්ගලයෙකු එරට පොලීසිය විසින් අත්අඩංගුවට

එරට ජාතික විමර්ශන ඒජන්සිය විසින් අත්අඩංගුවට ගත් සැකකරු පසුගිදා මෙරට බෝම්බ ප්‍රහාරවලට සම්බන්ධ මහමොලකරු ලෙස සැලකෙන සහරාන් හෂීම්ගේ අනුගාමිකයෙකු බවට පාපෝච්ඡාරණය කර ඇති බව වාර්තා වූයේ.29 හැවිරිදි සැකකරු රියාස් අබුබකර් හෙවෙත් අබු දුජානා ලෙස හදුනාගෙන තිබේ.

ඔහු අනාවරණය කර ඇත්තේ වසරක පමණ කාලයක සිට තමා සහරාන් හෂීම්ගේ සහ ශකීර් නායික් නමැත්තාගේ අදහස් අධ්‍යයනය කළ බවයි.කේරළයේ ප්‍රහාරය එල්ල කිරීමේ සැලසුම පිළිබඳ ඔහු විසින් වැඩිදුර කරුණු අනාවරණය කර ඇති බව ඉන්දීය බලධාරීන් පවසයි.


News Articles
Latest Videos
Most Popular Post