News Line| Off Air| Games
Generic placeholder image

Apr
30

ෆීල්ඩ් මාර්ෂල්ට නීතීය හා සාමය දෙන්න අර්ජුන ඇමතිකම අත්හරින්න ලෑස්තියි

584 Views


ෆීල්ඩ් මාර්ෂල්ට නීතීය හා සාමය දෙන්න අර්ජුන ඇමතිකම අත්හරින්න ලෑස්තියි

නීතිය හා සාමය අමාත්‍ය ධුරය ෆීල්ඞ් මාර්ෂල්, පාර්ලිමේන්තු මන්තී‍්‍ර සරත් ෆොන්සේකාට ලබාදීමට, තමන් සිය අමාත්‍ය ධුරයෙන් ඉවත්ව කැප කිරීමක් සිදු කිරීමට සූදානම් බව අමාත්‍ය අර්ජුන රණතුංග ඊයේ (29) රැස්වූ ආණ්ඩු පක්‍ෂ කණ්ඩායම් රැස්වීමේදී ප‍්‍රකාශ කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආශු මාරසිංහ අදහස් පළ කර තිබුනා.

එහිදී “ඇමති මණ්ඩලය 30කට සීමා විය යුතු නිසා සරත් ෆොන්සේකා මහතා පත් කරන්නේ නම් එක ඇමතිවරයෙක් ඉල්ලා අස්විය යුතුයි. ඒ අවස්ථාවේ ස්වේච්ඡාවෙන්ම අර්ජුන රණතුංග ඇමතිතුමා යෝජනා කළා නීතිය හා සාමය ඇමතිධූරය සරත් ෆොන්සේකා මහතාට ලබා දිය යුතු නම් එතුමා ඇමති ධූරයෙන් අයින් වෙන්නම් නැතිනම් කැබිනට් නොවන ඇමති ධූරයක රැඳී සිටින්නම් කියලා.” යනුවෙන් ද සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post