ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පවතින “ෆොනී” චන්ඩ සුළි කුණාටුව හේතුවෙන් ඉදිරි දිනකිහිපය තුළ දිවයින හරහා වැසි සහ සුළං තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.“ෆොනී” චන්ඩ සුළි කුණාටුව මේ වන විට ත්‍රිකුණාමලයේ සිට කිලෝමීටර් 640ක් පමණ දුරින් ස්ථානගතව පවතින අතර ඉදිරි පැය 12 තුළ දී මෙම පද්ධතිය ඉතා චන්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ශ්‍රී ලංකාවෙන් බැහැරව ගමන් කරනු ඇති බව එම දෙපාර්තමේන්තුව සදහන් කර තිබුණේ.
මේ හේතුවෙන් සබරගමුව, මධ්‍යම, දකුණු, බස්නාහිර වයඹ සහ ඌව පළාත්වලත් මන්නාරම සහ අම්පාර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ට වැඩි ඉතා තද වර්ෂාපතනයක් ද සෙසු පලාත්වල මිලිමීටර් 100ට වැඩි තද වර්ෂාපතනයක් ද ඇති විය හැකි බව සදහන්.මධ්‍යම කදුකර ප්‍රදේශවල, උතුර , උතුරු මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය සහ අම්පාර දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 60ත් 70ත් අතර තද සුළං ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කලා.