කාත්තාන්කුඩි පොලිස් වසමට අයත් නව කාත්තන්කුඩ් ප්‍රදේශයේ අද උදෑසන පටන් කළ සෝදිසි මෙහෙයුමකදී තහනම් කළ ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ භාරකරු මව්ලවි තව්ෆික් , භාණ්ඩාගාරික ෆය්සර් , සහ්රාන් හාසිමිගේ මාධ්‍ය භාරකරු ෆයිරුස් යන අය මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සෝදිසි මෙහෙයුම් සඳහා යුද හමුදාව, පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය එකාබද්ධව කර තිබේ.ඒ සඳහා සෙබළුන් 660 ක් පමණ එක්ව ඇති අතර වැටලීම්වලට නිල සුනඛයින්ගේ සහායද ලැබී ඇත. පැය 7ක කාලයක් මෙම සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ.