News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
2

තවත් අයි.එස් පුද්ගලයකුගේ නිවසක් වටලයි

1661 Views


තවත් අයි.එස් පුද්ගලයකුගේ නිවසක් වටලයි

අයි.එස් ත්‍රස්ත සංවිධානයේ සමාජිකත්වය දරණ ප්‍රබල සාමාජිකයෙකු හා නිවසේ සිටි අයි.එස් සංවිධානයේ සාමාජිකයාගේ සොහොයුරා හැටන් ප්‍රදේශයේ ඇති නිවසකින් පිහි නවයක් සොයාගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා. එම අයි.එස් සංවිධානයේ සාමාජිකයා අවසන් වරට ලංකාවට පැමිණ ඇත්තේ 2016 වසරේදී බවටයි තොරතුරු වාර්තා වී තිබෙන්නෙ.

එම තරුණයා දැනට යේමනයේ පදිංචිව සිටින බවටයි තොරතුරු වාර්තාවන්නේ.
කෙසේ වෙතත් තොරතුරු අනාවරණය කරගැනීමෙන් පසුව සැකකරුගේ හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවස පොලිසිය විසින් දැඩි පරීක්ෂාවකට ලක් කිරීමෙන් නිවසේ ගබඩා කාමරයක තිබී පිහි නවයක් සොයා ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් එම තරුණයාගේ සහෝදරයා හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව රු ලක්ෂ 20 ක ශරිර ඇප මත මුදා හැර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post