News Line| Off Air
Generic placeholder image

May
2

මරාගෙන මැරෙනු සහරාන්ගේ බිරිදව බැලීමට අම්පාර රෝහලට ගිය එජාප මන්ත්‍රී

2001 Views


මරාගෙන මැරෙනු සහරාන්ගේ බිරිදව බැලීමට අම්පාර රෝහලට ගිය එජාප මන්ත්‍රී

පාස්කු ඉරිදා එල්ල වු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ මහ මොලකරු වන සහරාන් හෂීම්ගේ බිරිඳ සහ දරුවා මේ වන විට අම්පාර රෝහළේ ප්‍රථිකාර ලබමින් පොලිස් ආරක්ෂාව යටතේ සිටියි.

එම ත්‍රස්තවාදියාගේ බිරිදගේ සුවදුක් විමසීමට දිගාමඩුලු දිස්ත්‍රීක් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී මොහොමඩ් මන්සූර් අම්පාර රෝහලට ගොස් ඇත. රෝහලට ගිය එජාප මන්ත්‍රීවරයා සහරාන් හෂීන් නමැති ත්‍රස්තවාදියාගේ බිරිද සහ දරුවාගේ සුවදුක් විමසීමට උත්සහ කරද්දී අම්පාර රෝහලේ අධිකාරීවරයාගෙන් ඊට අවස්ථාව හිමිවී නැහැ.

මේ අනුව අදාළ මන්ත්‍රීවරයාට ආපසු හැරී එන්නට සිදුව ඇති බවයි වාර්තාවන්නේ.

මේ අතර අම්පාර රෝහලේ වෛද්‍ය අධිකාරි උපුල් විජේනායක මහතාට ස්ථාන මාරුවක් ලබාදී ඇති බවත් අම්පාර රෝහලෙන් වාර්තාවනවා. එම ස්ථාන මාරුවට විරෝධය පළකරමින් හෙට දිනයේදී සේවකයන් සහ ප්‍රදේශවාසීන් විසින් විරෝධතාවක්ද පැවැත්වීමට නියමිත බව වාර්තා වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post