News Line| Off Air
Generic placeholder image

May
2

ලංකාව මෙන් ඉන්දියාවේත් බුර්කාව තහනම් කිරීමට යෝජනා

2147 Views


ලංකාව මෙන් ඉන්දියාවේත් බුර්කාව තහනම් කිරීමට යෝජනා

බුර්කාව පැළඳීම තහනම් කිරීමට ශ්‍රී ලංකාව ගත් පියවර ඉන්දීය රජය ද අනුගමනය කළ යුතු බව ඉන්දීය ශිව්සේනා සංවිධානය එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගෙන් ඉල්ලීමක් කර ඇත්තේ. පසුගිය පාස්කු ඉරිදා ශ්‍රී ලංකාව තුළ සිදුවූ ප්‍රහාරයෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අනන්‍යතාවය තහවුරු කරගත නොහැකි මුහුණු ආවරණය තහනම් කිරීමට ගත් පියවර ඉතා ප්‍රශංසනීය බවයි එම පක්ෂය පවසා තිබුණේ.

ඒ අනුව ඉන්දීය රජය ද මෙම ක්‍රියාමාර්ගය අනුගමනය කළ යුතු බව ශිව්සේනා සංවිධානය නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියේ.යම් ආගමික සම්ප්‍රදායක් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන සේ පැවතියහොත් එය අවසන් කිරීමට රජය පියවර ගත යුතු බව එම සංවිධානය වැඩිදුරටත් පවසා ඇත්තේ.


News Articles
Latest Videos
Most Popular Post