News Line| Off Air
Generic placeholder image

May
2

ජනතාවගේ නිවේදකයා වූ අරවින්දට ජාත්‍යන්තරයෙනුත් සම්මානයක්

5657 Views


ජනතාවගේ නිවේදකයා වූ අරවින්දට ජාත්‍යන්තරයෙනුත් සම්මානයක්

Asian Customer Engagement Forum (ACFC) වෙතින් 8 වෙනි වරටත් සංවිධානය කළ Global Customer Engagement Awards සම්මාන උළෙල පසුගිය 25 වෙනිදා පැවැත්වුණේ මුම්බායි නුවර Westin හෝටලයේදීයි. අති උත්කර්ශවත්ව බොලිවුඩ් තරු පිරිවරා ගනිමින් පැවති මෙම සම්මාන උළෙලේදී තනි පුද්ගල (Individual)  සම්මාන කාණ්ඩයෙන් Most Admired RJ With International Fame ලෙස රන් සම්මානයෙන් පිදුම් ලැබුවේ ඔබ කවුරුත් දන්න රටම දන්න සුපිරි රේඩියෝ ඩබලේ අරවින්ද ලොකුගේ මහතායි.

මෙම සම්මාන උළලේදී රන්වීර් සිං, කරීනා කපූර්, කරන් ජොහාර් වැනි බොලිවුඩයේ සුපිරි තරු සම්මානයෙන් පිදුම් ලැබුවා. එමෙන්ම ශ්‍රී ලංකා ගුවන් විදුලි නිවේදකයෙකු මෙම සම්මානය හිමිකරගත් පළමු අවස්ථාව ලෙසද මෙය ඉතිහාසයට එකතුවනවා.

අප රටේ පවතින තත්වය හමුවේ නිරන්තරයෙන් ඔබ හා සිටීමට අවශ්‍ය නිසා සම්මානය ලබා ගැනීමට ඉන්දියාවට නොගිය අරවින්ද ලොකුගේ මහතා ඒ සම්බන්ධයෙන් වීඩියෝ පටයක් මේ ආකාරයට පලකර තිබුණා.

දේශීය සම්මාන රැසක් දිනමින් ජනතාවගේ නිවේදකයා ලෙස හදවතේ ඉඩක් ගත් අපේ ආදරණීය අරවින්ද අයියේ ජාත්‍යන්තරය ජයගත් ඔබට සියත 24 අපේ උණුසුම් සුබ පැතුම්…!!!

මේ එම අවස්ථාවේ වීඩියෝ කිහිපයක්..

සම්මාන දිනාගත් බොලිවුඩ් තරු

https://www.facebook.com/agnel.dsouza.35/videos/2282731518444857/

 

https://www.facebook.com/agnel.dsouza.35/videos/2282733531777989/

 


News Articles
Latest Videos
Most Popular Post