News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
6

එක්දින වාර්තා අලුත් කල කොදෙව්වෝ

1734 Views


එක්දින වාර්තා අලුත් කල කොදෙව්වෝ

එක්දින ක්‍රිකට් පිටියේ ආරම්භක පිතිකරුවන් යුගළයක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාවට හිමි වාර්තාව පිහිටුවීමට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෝ 05දා අයර්ලන්ත කණ්ඩායම හා පැවැති තරගයේදී සමත්වූහ.මෙහිදී කොදෙව් ආරම්භක පිතිකරුවන් වූ ජෝන් කැම්බල් හා ෂායි හෝප් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 365ක් රැස්කිරීමට සමත්වූයි.

ජෝන් කැම්බල් පන්දු 137කදී හයේ පහර 6ක් හා හතරේ පහර 15ක් සමගින් ලකුණු 179ක් රැස්කළ අතර හෝප් පන්දු 152කදී හතරේ පහර 22ක් හා හයේ පහර 2ක් සමගින් ලකුණු 170ක් රැස්කළේය.

ඔවුන් දෙදෙනා පන්දුවාර 47.2කදී ලකුණු 365ක් රැස්කර අතර පළමු කඩුල්ල ලෙස කැම්බල් දැවී ගියේය. එම පන්දුවාරයේ පස්වැනි පන්දුවේදී හෝප් දැවී ගියේය.

කොදෙව්වා නියමිත පන්දුවාර 50 තුළදී ලකුණු 381ක් රැස්කළ අතර පිළිතුරු ලෙස අයර්ලන්තයට රැස්කළ හැකිවූයේ ලකුණු 185ක් පමණි.


News Articles
Latest Videos
Most Popular Post