News Line| Off Air
Generic placeholder image

May
6

කාදිනල් හිමියන්ගෙන් විශේෂ ඉල්ලීමක්

2278 Views


කාදිනල් හිමියන්ගෙන් විශේෂ ඉල්ලීමක්

මීගමුව, කොච්චිකඬේ, පෝරුතොට ප‍්‍රදේශයේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමියන් විශේෂ ප‍්‍රකාශයක් සිදු කළා.

“මීගමුව පෝරුතොට ප්‍රදේශයේ සුළු බහින්බස්වීමක් මතභේදයක් දක්වා දුරදිග ගිහින් කණ්ඩායම් දෙකක් අතර අරගලයක් දක්වා හැරුණා. ඒවා පාලනය කරගැනීම පිළිබඳව යම් යම් ප්‍රශ්න ඇති වෙලා මා ඉදිරියට ගෙන එනු ලැබුවා. අපි අදාළ අංශවලින් ඉල්ලා සිටියා මේ තත්ත්වය වර්ධනය වෙන්න ඉඩ නොදී කටයුතු කරන්න කියලා. මා ක්‍රිස්ත්‍රියාන් සියලු පාර්ශ්වයන්ගෙන් සහ කතෝලික සැදැහැවතුන්ගෙන්, හිතවත් බොදුනු සහ මුස්ලිම් මෙන්ම හින්දු ජනතාවගෙන් ඉල්ලන්නේ මේ තාක්කල් බුද්ධිමත් ලෙස ඉවසීමෙන් ක්‍රියා කරලා තියෙන නිසා ඒ තත්ත්වයම දිගටම පවත්වාගෙන යන්න කියලා.”

උන්වහන්සේ වැඩිදුරටත් පැවසුවේ සියලූදෙනා මේ මොහොතේ සාමය ආරක්ෂා කළ යුතු බවයි.


News Articles
Latest Videos
Most Popular Post