News Line| Off Air
Generic placeholder image

May
6

තඹ කම්හලේ සේවකයින් 09 දෙනාට ඇප දුන්න හේතුව

1364 Views


තඹ කම්හලේ සේවකයින් 09 දෙනාට ඇප දුන්න හේතුව

පසුගිය අප්‍රේල් 21 වැනිදා කොළඹ ප්‍රදේශයේ සිදු කළ බෝම්බ පිපිරීම්වලට සම්බන්ධ යැයි සැකපිට අත්අඩංගුවට ගත් වැල්ලම්පිටිය තඹ කම්හලක සේවය කළ සේවකයින් 9 දෙනෙකු රුපියල් ලක්ෂ පහේ ශරීර ඇප දෙක බැගින් නියම කර මුදාහැරීමට අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

සැකකරුවන්ට එරෙහිව සාක්ෂි හෝ චෝදනා ඉදිරිපත් කිරීමට, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත හෝ වෙනත් පනතක් ඉදිරිපත් කිරීමට පොලිසිය අපොහොසත් වීම හේතුවෙන් ඔවුන් ඇප මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ නියෝග කළා.

කෙසේවෙතත් සිද්ධියට අදාල දහවන සැකකරු සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන ඒකකය වෙත යොමු කිරීමට අවශ්‍ය බව දැනුම් දුන් අතර ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළා.කොළඹ ෂැංග්‍රිලා හෝටලය තුළ සිදු කළ මරාගෙන මැරෙන බෝම්බ පිපිරීමට සම්බන්ධ වූ ඉන්සාන් ඊබ්‍රාහිම්ට අයත් තඹ කර්මාන්ත ශාලාවේ මෙම සැකකරුවන් සේවය කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post