News Line| Off Air
Generic placeholder image

May
7

ගාල්ලේ නිවසකින් හමුදා නිල ඇදුම්

1039 Views


ගාල්ලේ නිවසකින් හමුදා නිල ඇදුම්

ගාල්ල, තලාපිටිය තක්‍යා පාරේ නිවසක තිබී හමුදා නිල ඇඳුම් තොගයක් ඊයේ සොයා ගැනුණා. යුද හමුදා නිල ඇඳුම් 129 ක්, ගුවන් හමුදා නිල ඇඳුම් 20 ක්, නාවික හමුදා නිල ඇදුම් 14 ක් සහ යුද හමුදාව භාවිත කරන හිස් වැසුම් 69 ක් ඒ අතර වන බවයි පොලීසිය පැවසුවේ.

ගාල්ල, සමුද්‍ර වීදියේ වෙළඳ සැලක තිබී යුද හමුදා නිල ඇඳුම් 250 ක් සොයා ගැනුණා. ඒ සමග එම වෙළඳ සැලේ හිමිකරු බව කියන මොහොමඩ් සකීර් මොහොමඩ් සාමීල් නමැත්තෙකු ද ඊයේ අත්අඩංගුවට ගැනුනු අතර අද පරීක්ෂාවට ලක්කර ඇත්තේ ඔහුගේ නිවසයි. අදාල හමුදා නිල ඇදුම් තොගය ගම්පහ රණවිරු ඇපරල් ආයතනයෙන් තමන් ලබාගත් බව ද ප්‍රශ්න කිරීම් වලදී ඔහු ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ වෙතත් හමුදා නිල ඇඳුම් සන්තකයේ තබා ගැනීමට ඔහුට කිසිදු බලපත්‍රයක් නොමැති බවයි විමර්ශන වලින් තහවුරු කරගන ඇත්තේ.

මේ අතර කහටගස්දිගිලිය ඊතල්වැටුනවැව ගම්මානයේ සිදු කෙරුණු සෝදිසි මෙහෙයුමකදී යුද හමුදා නිල ඇඳුම් වලට සමාන ඇඳුම් තොගයක් හමුවී තිබෙනවා. පුපුරන ද්‍රව්‍ය සහ සැක සහිත ආගමික ලේඛන කිහිපයක් ද එහිදී හමු වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post