News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
7

ජාතික තව්හීද් ජමාත් සංවිධානයට අයත් මුදලින් රුපියල් මිලියන 140ක් හා සෙසු වත්කම් ලෙස රුපියල් බිලියන 7කට අධික වත්කම්

718 Views


ජාතික තව්හීද් ජමාත් සංවිධානයට අයත් මුදලින් රුපියල් මිලියන 140ක් හා සෙසු වත්කම් ලෙස රුපියල් බිලියන 7කට අධික වත්කම්

පාස්කු ඉරිදා ප්‍රහායරට සම්බන්ධ ජාතික තව්හීද් ජමාත් සංවිධානයට අයත් මුදලින් රුපියල් මිලියන 140ක් හා සෙසු වත්කම් ලෙස රුපියල් බිලියන 7කට අධික වත්කම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අණාවරණය කර ගැනීමට හැකි වුන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා සඳහන් කළා තවදුරටත් ඔහු සඳහන් කළේ එම වත්කම් තහනම් කිරිමටද කටයුතු කරන බවයි.

“මේ වන විට සොයාගෙන තිබෙනවා එම කණ්ඩායම සතුව තිබුණ රුපියල් මිලියන 140කට වැඩි මුදල් ප්‍රමාණයක්.

එම මුදල්වලින් කොටසක් මේ වන විට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු භාරයට ගෙන තිබෙනවා. ඉතිරි මුදල් ගිණුම්වල තිබෙනවා. එම ගිණුම් තහනම් කිරිමට පියවර ගන්නවා.

වෙනත් වත්කම් කිහිපයක්ම අණාවරණය කර ගත්තා. මෙහි වටිනාකම රුපියල් බිලියන 7ක් පමණ වෙනවා. ඒවා තහනම් කිරිමට විමර්ශණ කරනවා”


News Articles
Latest Videos
Most Popular Post