News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
7

ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දී රටම වෙසක් කලාපයක් කරමු – ඇමති පාඨලී

817 Views


ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දී රටම වෙසක් කලාපයක් කරමු – ඇමති පාඨලී

මෙම වෙසක් පොහෝ දිනයේදී සෑම නිවසක්ම උපරිම අයුරින් වෙසක් සැරසිලිවලින් සරසා එක් එක් වෙසක් කලාප වෙනුවට රටම වෙසක් කලාපයක් බවට පත්කරමු යැයි අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. සිය ෆේස්බුක් පිටුවට අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.

“ත‍්‍රස්තවාදීන්ගේ බලපෑම මත සාමුහිකව එක්රැස්ව තොරණ, දන්සැල් ආදී ආමිස පූජා සිදු කිරීම පිළිබඳව ආරක්‍ෂක අංශ, මහානායක හිමිවරුන් ඇතුළු සියළු දෙනාගේ අවධානය යොමුව ඇත. නමුත් ප‍්‍රතිපත්ති පූජාවට මුල්තැන දී සම්බුදු තෙමඟුල අප සැමරිය යුතුයි.

ඒ සඳහා සෑම තැනකම ප‍්‍රතිපත්ති පූජාවට මුල්තැන දී මුළු රටම වෙසක් කලාපයක් කරමින්, මිය ගිය අයට පින් අනුමෝදන් කිරීමටත්, රටේ සෑම නිවසක්ම උපරිම අයුරින් වෙසක් සැරසිලිවලින් සරසා, එක් එක් වෙසක් කලාප වෙනුවට මුළු රටම වෙසක් කලාපයක් බවට පත් කළ යුතුයි”


News Articles
Latest Videos
Most Popular Post