News Line| Off Air
Generic placeholder image

May
7

හෙට කලුතර දිස්ත්‍රික්කයට පැය 12 ක ජල කප්පාදුවක්

652 Views


හෙට කලුතර දිස්ත්‍රික්කයට පැය 12 ක ජල කප්පාදුවක්

හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් කළුතර ප්‍රදේශ රැසකට හෙට පෙරවරු 8 සිට පැය 12 හමාරක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කළා.

ඒ අනුව වාද්දුව, වස්කඩුව, කළුතර – උතුර හා දකුණ, කටුකුරුන්ද, නාගොඩ, බේරුවල, අලූත්ගම, දර්ගා නගරය හා බෙන්තොට යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.

මීට අමතරව පයාගල, පිලමිනාවත්ත, බෝඹුවල, මග්ගොන, කළුවාමෝදර හා මොරගල්ල යන ප්‍රදේශවලට ද හෙට පෙරවරු 8 සිට රාත්‍රී 8.30 දක්වා ජල සැපයුම අතහිටුවන බවයි ජල සම්පාදන මණ්ඩලය ප්‍රකාශ කළේ.


News Articles
Latest Videos
Most Popular Post