පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ රැඳී සිටි විදේශිකයන් 600ක් පමණ ලංකාවෙන් පිටුවහල් කර තිබේ. ඒ අතර ඉස්ලාම් පූජකයන් 200කට අධික පිරිසක් සිටින බවත් අමාත්‍ය වජිර අබේගුණවර්ධන මහතා පවසා තිබෙනවා.
මෙම ඉස්ලාම් පූජකයන් ශ්‍රී ලංකාවට නීතිමය ගැටලුවකින් තොරව පැමිණ සිටියත් ඔවුන් සිය වීසා කාලයන් ඉක්මවා ලංකාවේ රැඳී සිට ඇති බවත් දඬ අයකිරිමෙන් පසුව ඔවුන් ලංකවේ පිටුවහල් කළ බවත් අමාත්‍යවරයා සඳහන් කර තිබේ.