News Line| Off Air
Generic placeholder image

May
9

විදුලි බල සැපයුම ලබාදීම යළි අභියෝගයක් – විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය

1130 Views


විදුලි බල සැපයුම ලබාදීම යළි අභියෝගයක් – විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය

විදුලි බල සැපයුම අඛණ්ඩව ලබාදීම යළි අභියෝගයක් වී ඇති බව විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ, ජල විදුලි උත්පාදනය යළි පහත වැටීම හා දෛනික විදුලි ඉල්ලුම ඉහළ යාම එම තත්ත්වයට හේතු වී ඇති බවයි.

එමෙන්ම පසුගිය කාලයේ ජල විදුලිබලාගාර ආශ්‍රිතව ජල පෝෂක ප්‍රදේශවලට ලැබුණු වර්ෂාපතනය ජලාශවල ජල ධාරිතාවේ සුවිශේෂි වැඩි වී දක්නට නොමැති බව ද ඔහු පැවසී ය.වර්ෂාවට පෙර විදුලිබලාගාර ආශ්‍රිත ජලාශවල ජල ධාරිතාව පැවතියේ 29.9ක මට්ටමක බව ත් වර්ෂාවෙන් පසු එම ධාරිතාව වර්ධනය වී ඇත්තේ, 32.5ක් දක්වා පමණක් බව ත් ඔහු සඳහන් කර තිබුනා.

පවතින තත්ත්වය තුළ විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ද මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවට දැනුම් දුන්නා.


News Articles
Latest Videos
Most Popular Post