News Line| Off Air
Generic placeholder image

May
10

අවිශ්කට සහ නුවන් සොයිසාට තරඟ තහනමක්

988 Views


අවිශ්කට සහ නුවන් සොයිසාට තරඟ තහනමක්

හිටපු කි‍්‍රිකට් කී‍්‍රඩකයන් මෙන්ම පුහුණුකරුවන්ද වන අවිශ්ක ගුණවර්ධනට සහ නුවන් සොයියාට ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලයෙන් දූෂණ මර්ධන පනත උල්ලංගණය කළ බවට චෝදනා එල්ල කර තිබෙනවා.
පසුගිය වසරේ පැවැති ටී ටෙන් තරගාවලියේදී පුහුණුකරුවන් ලෙස එක් වූ මොවුන් දෙදෙනා දූෂණ කි‍්‍රයාවන් සදහා එක් වූ බවයි පැවසෙන්නේ. එක්සත් අරාබි එමීර් රාජ්‍ය කි‍්‍රකට් ආයතනය වෙනුවෙන් ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය මෙම චෝදනා ගොනු කර තිබෙනවා. නුවන් සොයිසාට ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලයේ දූෂණ මර්දන වගන්ති 4ක් යටතේ චෝදනා ගොනු කර තිබෙනවා. අවිශ්ක ගුණවර්ධන චෝදනා ගොනු කර ඇත්තේ වගන්ති 2ක් යටතේයි.

මේ වන විට නුවන් සොයිසාට තාවකාලික කි‍්‍රකට් තරග තහනමක්ද පනවා ඇති අතර අවිශ්ක ගුණවර්ධනටද වහාම කි‍්‍රයාත්මක වන පරිදි තාවකාලික තරග තහනමක් පනවා තිබෙනවා. මැයි මස 9 වැනිදා සිට දින 14ක් තුළ මෙම චෝදනා සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනා කරුණු දැක්වීමක් සිදු කළ යුතු බවයි ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය වැඩිදුරටත් දැනුම් දී තිබෙන්නේ


News Articles
Latest Videos
Most Popular Post