News Line| Off Air
Generic placeholder image

May
10

කවුරුත් කතාකල ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝක කුසලාන ඇඳුමේ ඉතිහාසය මෙන්න – Siyatha 24 Exclusive

2179 Views


කවුරුත් කතාකල ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝක කුසලාන ඇඳුමේ ඉතිහාසය මෙන්න – Siyatha 24 Exclusive

මෙවර ක්‍රිකට් ලෝක කුසලාන සදහා සහභාගීවෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ජර්සිය එහෙමත් නැත්නම් ඇඳුමට කැස්බෑවෙකු ඇතුලත් කිරීමත් සමග සමාජ ජාල තුල දැඩි කතාබහකට ලක්වෙන්න පටන්ගත්තා. ඒ හින්දම සියත 24 අපි ශ්‍රී ලංකා ලෝක කුසලාන නිල ඇඳුමේ ඉතිහාසය ගැන හොයලා බලන්න තීරණය කලා. ශ්‍රී ලංකා කණ්ඩායම මුල්ම ලෝක කුසලාන තරගාවලියට 1975දී සහභාගීවෙන්නේ ආරාධිත කණ්ඩායම ලෙසිනුයි. 1975 ජුනි මස 07 වෙනිදා පළමු ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගයට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග තරගවදින ලංකාවට එයින් අත්වෙන්නේ කඩුලු 9ක පරාජයක්. කොහොම හරි 1979 ලෝක කුසලානයේත් සුදුසුකම් ලැබීමේ තරග වලින් ජය ලබන ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලානය තුලදී ඉන්දීය කණ්ඩායම පරාජය කරමින් තමන්ගේ පලමු ලෝක කුසලාන ක්‍රිකට් ජය භුක්ති විඳිනවා. 1975 ඉදන් අද වෙනකම් සෑම ලෝක කුසලානයකටම සහභාගී වෙච්ච ශ්‍රී ලංකා කණ්ඩායම 1996දී ලෝක ක්‍රිකට් කිරුල තමන් සතුකර ගන්නත් සමත්කම් දැක්වූවා.

දැන් අපි කතා කරන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ඇඳුමේ එදා සිට අද දක්වා සිද්ද වෙච්ච වෙනස්කම් ගැනයි. 1975 ඉදලා 1987 වෙනකම්ම ලෝක කුසලානයට සහභාගී වෙච්ච සියළුම කණ්ඩායම් පාවිච්චි කලේ සුදු පැහැති ඇඳුමක්. හරියට අද අපි ටෙස්ට් ක්‍රිකට් වලදී අඳින ඇඳුම වගේ ඇඳුමක්. හැබැයි 1992 පස්සේ තමයි එක්දින ලෝක කුසලානයට ඒ ඒ රටවලට අදාළ වර්ණයන්ගෙන් ඇඳුම් නිර්මාණය වෙන්න පටන්ගන්නේ. ඔබ මේ පහතින් දකින්නේ අන්න ඒ විදිහට සෑම ලෝක කුසලානයකදිම වෙනස් වෙච්ච ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ඇඳුමයි.

1992ට පෙර පැවති තත්වය

1992/1996/1999/2003/2007/2011/2015/ 2019  පිළිවෙලින් ශ්‍රී ලංකා ඇඳුම වෙනස් වෙච්ච විදිහ

 


News Articles
Latest Videos
Most Popular Post