පසුගිය පාස්කු ඉරිදා ප්‍රහාරය මෙන් අන්තවාදි ක්‍රියාවන් නැවත සිදු නොවිමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඕනෑම කැප කිරිමක් සිදු කරිමට සුදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
ඊයේ පස්වරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ පස්වරුවේ කොළඹ පිහිටි අගරදගුරු නිල නිවස වෙත පැමිණ අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් බැහැ දැකිමෙන් අනතුරුව මාධ්‍ය වෙත අඳහස් දක්වමින් ඒ මහතා මේබව සඳහන් කළේය.
එහිදි අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පැවසුවේ සියළුම පක්ෂවලට එළඹේන මැතිවරණ පිලිබඳ කටයුතු කිරිම නවත්වා රට ඉදිරියට ගෙන යන ක්‍රමයක් සම්බන්ධයෙන් සාකච්ඡා කරණ ලෙසට අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් පැවසු බවයි.