News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
12

අන්තවාදී අදහස් අන්තර්ජාලය මුදා හැරි මවුලවිවරයෙක් කටුනායකදී අත්අඩංගුවට

669 Views


අන්තවාදී අදහස් අන්තර්ජාලය මුදා හැරි මවුලවිවරයෙක් කටුනායකදී අත්අඩංගුවට

අන්තවාදී අදහස් අන්තර්ජාලය ඔස්සේ මුදා හැර තිබූ වවුනියාව , සෙට්ටිකුළම ප්‍රදේශයේ ඉස්ලාමීය දේවාස්ථානවල දේශනා පැවැත්වූ මවුලවිවරයෙකු ඊයේ උදෑසන මක්කම වන්දනාවේ ගොස් එමින් සිටියදී කටුනායක ගුවන් තොටුපළේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මොහු මුහයිදීන් කයි නැමැති 47 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකි.

මොහු මක්කම වන්දනා කටයුතු සදහා පිරිස් රැගෙන යන වන්දනා නඩයක ප්‍රධානියෙකු ලෙස කටයුතු කරන්නෙකු බව අනාවරණය වී ඇත.මවුලවිවරයා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර , එහිදී මේ මස 14 දින තෙක්‍ රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර ඇත.


News Articles
Latest Videos
Most Popular Post