සිකුරාදා දිනයන්හි ඉස්ලාම් දේවස්ථාන තුළ සිදු කරන ආගමික වතාවත් අරාබි භාෂාවෙන් නොව සිංහල භාෂාවෙන් පැවැත්වීමට කටයුතු කරන ලෙසත් එම ආගමික වතාවත් සඳහා අන්‍යාගමික පූජක පක්ෂය ද සහභාගී කර ගන්නා ලෙසත් එමෙන්ම එහිදී සිදු කරන දේශන පිළිබඳ වාර්තාවක් මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශය වෙත ලබා දෙන ලෙසට ද මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්. එච්. ඒ. එම්. හලීම් උපදෙස් ලබා දී තිබෙනවා.
එමෙන්ම ඔහු ප‍්‍රකාශ කර ඇත්තේ බුර්කාව ඇතුළු මුහුණු ආවරණ සහිත ඇඳුම ඇඳීමෙන් වළකින ලෙස දැනටමත් සියලූ පාර්ශ්ව වෙත දැනුම්දීම් සිදුකර ඇති බවයි. රටේ නීතිය සැමට එක හා සමානව කි‍්‍රයාත්මක විය යුතු බවද ඔහු පවසනවා.
ත‍්‍රස්ත ප‍්‍රහාරය හේතුවෙන් මෙවර රාමසාන් උත්සවය ආගමික කටයුතුවලට පමණක් මුල් තැන දී සිදු කරන ලෙසට තමා උපදෙස් දුන් බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කර තිබෙනවා.