කලහකාරී කටයුතුවලින් සිදුවන්නේ අවස්ථාවාදී දේශපාලනඥයින්ට හා විදේශීය බලවේගවලට උදව් දීම පමණක් බව අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඥාණරතන හිමියන් පවසනවා.එබැවින් සියලූ දෙනා සාමකාමීව කටයුතු කළ යුතු බවයි උන්වහන්සේ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
එමෙන්ම කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් පැවසුවේ මෙම අවස්ථාවේ සියලූ දෙනා බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවත් සිය ප‍්‍රදේශවල සාමය සහ සහජීවනය ආරක්ෂා කිරීමට කැප වන ලෙසත්ය.