News Line| Off Air
Generic placeholder image

May
14

ඉන්දියාව LTTEය තවත් වසර පහකට තහනම් කරයි

1118 Views


ඉන්දියාව LTTEය තවත් වසර පහකට තහනම් කරයි

ඉන්දීය රජය විසින් රජයේ සෛවරීත්වයට හා භෞමික අඛණ්ඩත්වයට එල්.ටී.ටී.ඊ. සංවිධානය හරහා බාධාවක් ඇතිවන අන්දමේ ක්‍රියාකාරකම් ඇති බව සඳහන් කරමින් තවත් වසර පහක කාලයක් සඳහා එල්.ටී.ටී.ඊ. සංවිධානය තහනම් සංවිධානයක් ලෙස නම්කර තිබෙනවා. එරට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ එම සංවිධානය තවදුරටත් ඉන්දීය ජාතියන්ගේ ආරක්ෂාවට තර්ජනයක් බවයි.

එල්.ටී.ටී.ඊ. සංවිධානයට පැනවූ තහනම වහාම ක්‍රියාත්මකවන පරිදි බලපාන බවත් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව අන්තර්ජාලය භාවිත කරමින් ශ්‍රී ලංකාවේ දමිල ජනතාව අතර ඉන්දීය විරෝධයක් ඇතිකිරිමට උත්සාහ කරන බවත් ඔවුන් සඳහන් කරා.

එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජය කිරිමට ඉන්දියාව වගකිව යුතු බවට ඔවුන් මතයක් නිර්මාණය කරමින් යන බවත් ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. 2009 වසරේදී ශ්‍රී ලංකාව එල්.ටී.ටී.ඊ. සංවිධානය යුදමය වශයෙන් පරාජයට පත්කළත් ඔවුන්ගේ ඊලාම් සිහනය තවදුටත් අත් හැර නොමැති බවද ඉන්දියාව පවසයි.

සංවිධානය වෙනුවෙන් මුදල් එක්රැස් කිරිමේ කටයුතු තවදුරටත් ක්‍රියාත්මක බවත් ඉතිරි වී ඇත් එල්.ටී.ටී.ඊ. නායකයන් හා සාමාජිකයන් නැවත ඒකරාශිවීමට කටයුතු කරන බවත් ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.


News Articles
Latest Videos
Most Popular Post