News Line| Off Air
Generic placeholder image

May
15

TIDය රහස් පොලිසිය යටතට

1040 Views


TIDය රහස් පොලිසිය යටතට

පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පත් කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කලේ සේවයේ අවශ්‍යතාවය මත වැඩ බලන පොලිස්පතිවරයා විසින් මෙම පියවර ගෙන ඇති බවයි.වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් අධිකාරීවරුන් තිදෙනෙකුට ස්ථාන මාරු විම් ලබා දි තිබෙනවා.

කුලියාපිටිය කොට්ඨාස භාර පොලිස් අධිකාරී ඔෂාන් හේවාවිතාරණ මහතා මාරු කර ඇත්තේ කලුතර පොලිස් විද්‍යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙසයි.

නුගේගොඩ කොට්ඨාසයේ පොලිස් අධිකාරී එල්.එස්.සිගේරා මහතා කුලියාපිටිය කොට්ඨාස බාර නිලධාරියා ලෙස පත් කර තිබෙනවා.

ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයේ සිටි පොලිස් අධිකාරී ඩබ්.එම්.ඒ.ආර් ප්‍රනාන්දූ මහතා මාරු කර යවා ඇත්තේ නුගේගොඩ කොට්ඨාසය වෙතයි.

ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි සේවයේ අවශ්‍යතාව මත මෙම ස්ථාන මාරු වීම් ලබා දි තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post