News Line| Off Air
Generic placeholder image

May
16

එංගලන්ත ක්‍රිකට් නායක ඉයන් මෝගන්ට තරග තහනමක්

641 Views


එංගලන්ත ක්‍රිකට් නායක ඉයන් මෝගන්ට තරග තහනමක්

එංගලන්ත ක්‍රිකට් නායක ඉයන් මෝගන්ට තරග තහනමක් පනවා තිබෙනවා.
ඒ පාකිස්තානයට එරෙහිව බි්‍රස්ටල්හිදි පැවැති තුන්වන එක්දින තරගයේදි නියමිත කාලයට යැවිය යුතු පන්දූවාර සංඛ්‍යාවට වඩා පන්දූවාර 02 ක් අඩුවෙන් යැවීම හේතුවෙන්.

ඒ අනුව ඉයන් මෝගන්ට එක් තරගයක තහනමක් සහ තරග ගාස්තුවෙන් 40% ක දඩ මුදලක් පනවා තිබෙනවා.

මෙම තත්වය මත පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන සිවුවැනි එක්දින තරගය ඔහුට අහිමි වී යනු ඇත.

කෙසේ වෙතත් තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය 2-0 ක් ලෙස පෙරමුණ ගැනීමට එංගලන්තය මේ වනවිට සමත්ව සිටිනවා.

පසුගිය පෙබරවාරී මාසයේදි කොදෙව් කණ්ඩායමට එරෙහිව බාබඩෝස්හිදි පැවැති එක්දින තරගයකදි ද නියමිත කාලයට යැවිය යුතු පන්දූවාර සංඛ්‍යාව නොදැමීම හේතුවෙන් ඉයන් මෝගන්ට දඩුවමට යටත් වීමට සිදූ වුණා.

මාස 12 ක කාලයක් තුල මෝගන් දඩුවමට ලක්වු දෙවැනි අවස්ථාව මෙයයි.


News Articles
Latest Videos
Most Popular Post