News Line| Off Air
Generic placeholder image

May
16

වැලිකඩ ඉතිහාසය අලුත් වෙයි

1492 Views


වැලිකඩ ඉතිහාසය අලුත් වෙයි

මෙවර වෙසක් පුර පසළොස්වක පෙහොය නිමිත්තෙන් ජනාධිපති පොදූ සමාව යටතේ සිරකරුවන් 762 දෙදෙනෙකු නිදහස් කිරීමට තීරණය කර තිබෙනවා.

ඊට අදාල රාජ්‍ය මහෝත්සවය ලබන 18 වනදාට යෙදෙන වෙසක් පොහෝ දින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන්නේ වැලිකඩ බන්ධනාගාර ක්‍රිඩාංගණයේදි යි.

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තිය යටතේ මෙසේ සිරකරුවන් සදහා ජනාධිපති පොදූ සමාව ලබාදිමට නියමිතයි.

සියලූ‍ම සිරකරුවන් සදහා නිදහස ලබාදිම වැලිකඩ බන්ධනාගාර ක්‍රිඩාංගණය තුළ දී පමණක් සිදූ කිරීමට තීරණය කර තිබෙනවා.

පොදූ සමාව යටතේ සිරකරුවන් 736 දෙනෙකු සහ සිරකාරිනියන් 26 දෙනෙකු නිදහස් කිරීමට නියමිතයි.

මෙහිදි වැලිකඩ බන්ධනාගාරයෙන් සිරකරුවන් 117 ක්, පල්ලේකැලේ එළිමහන් සිරකදවුරෙන් සිරකරුවන් 62 ක් හා මහර බන්ධනාගාරයෙන් සිරකරුවන් 55 දෙනෙකු තෝරාගෙන තිබෙනවා.

අනුරාධපුර බන්ධනාගාරයෙන් සිරකරුවන් 50 ක්, පල්ලන්සේන සිර කදවුරෙන් සිරකරුවන් 53 දෙනකු වශයෙන් බන්ධනාගාර තිහක සිරකරුවන් නිදහස් කිරීමට කටයුතු යොදා ඇති බවයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සදහන් කලේ.

ස්ත්‍රි දූෂණ, බාල අපරාධ හා මත් ද්‍රව්‍ය වැනි වැරදි සදහා දඩුවම් ලබා සිටින සිරකරුවන් හැර අනෙකුත් සුලු වැරදි සම්බන්ධව බන්ධනාගාර ගතව සිටින පුද්ගලයින් පොදූ සමාව යටතේ නිදහස් කිරීමට තෝරාගෙන තිබෙනවා.

බන්ධනාගාර ඉතිහාසයේ වැඩිම සිරකරුවන් සංඛ්‍යාවක් එකවර නිදහස් කිරිම සිදූ වන්නේ මෙවරයි.


News Articles
Latest Videos
Most Popular Post