News Line| Off Air
Generic placeholder image

May
16

සහරාන් හෂීම්ගේ බිරිද CID එකට

971 Views


සහරාන් හෂීම්ගේ බිරිද CID එකට

සයින්දමරුදූ පිපිරීමෙන් දිවි ගලවා ගත් තවුහීද් ජමාත් ත්‍රස්ත සංවිධානයේ නායක සහරාන් හෂීම් නැමැත්තාගේ බිරිඳ වන අබ්දූල් කාදර් ෆාතිමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සදහන් කලේ සිව් හැවිරිදි දියණියට භාරකරුවෙකු නොමැති බැවින් මව භාරයේ පසු වන බවයි.

පසුගිය මස 26 වනදා කාත්කත්කුඩි සයින්දමරුදූ ප‍්‍රදේශයේ නිවසක් තුළ ත්‍රස්තවාදීන් පිරිසක් බෝම්බ පුපුරවා ගැනීමෙන් පසු අදාළ කාන්තාව සහ දියණිය බරපතල තුවාල ලබා සිටියදී යුද හමුදාව විසින් බේරාගෙන අම්පාර මුලික රෝහලට ඇතුළත් කලා.පසුව ඔවුන් වැඩිදූර ප්‍රතිකාර සදහා මාරු කෙරුනේ කොළඹ ජාතික රෝහලටයි

එහි ප‍්‍රතිකාර ලබමින් සිටියදි සහරාන් හෂීම්ගේ බිරිද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබෙනවා.

මේ අතර පාස්කු ඉරිදා ප්‍රහාරයේ ත්‍රස්තයින් පුහුණුවීම් සහ වැඩමුලු පැවැත්වූ ස්ථාන 07ක තොරතුරු සෙයා ගෙන ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කලා.

බලපත්‍ර රහිත පුපුරණ ද්‍රව්‍ය භාර දිම සදහා ලබා දි තිබූ කාලය දිර්ඝ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සදහන් කලේ.


News Articles
Latest Videos
Most Popular Post