News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
16

සීගිරිය දේශිය සංචාරකයන්ට දින තුනක් නොමිලේ

779 Views


සීගිරිය දේශිය සංචාරකයන්ට දින තුනක් නොමිලේ

වෙසක් උත්සවය හා ජාතික කෞතුකාගාර දිනයට සමගාමීව සීගිරිය පුරාවිද්‍යා පරිශ‍්‍රය හා කෞතුකාගාරය මේ මස 18, 19, 20 දිනවල දේශීය සංචාරකයන්ට නොමිලේ නැරඹීමට අවස්ථාව සලසා දී ඇති බව මධ්‍යම සංස්කෘතික අරමුදල පවසනවා.

සීගිරියේ කැනීම් තුළින් හමුවූ පුරාවස්තු ප‍්‍රදර්ශනයක් හා අධ්‍යාපනික වැඩසටහන් කිහිපයක් ද එම දින 03 තුළ කි‍්‍රයාත්මක කෙරෙන බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ සීගිරි ව්‍යාපෘති කළමනාකරු මේජර් අනුර නිශාන්ත පැවසූ අතර අදාළ දිනයන්හි සීගිරිය පුරා විද්‍යා පරිශ‍්‍රයේ ආරක්ෂාව සඳහා යුද හමුදාව එක් කර ගන්නා බවද සීගිරි ව්‍යාපෘති කළමනාකාරවරයා වැඩිදුරටත් සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post