News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
20

මඩකලපු විශ්වවිද්‍යාලය ගැන වාර්තාවක් අද අගමැතිට

913 Views


මඩකලපු විශ්වවිද්‍යාලය ගැන වාර්තාවක් අද අගමැතිට

මඩකලපුව විශ්ව විද්‍යාලයේ කළ නිරීක්ෂණ සම්බන්ධ වාර්තාවක් අද අග්‍රාමාත්‍යවරයා වෙත භාර දෙන බව පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව පවසනවා.එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශූ මාරසිංහ මහතා සඳහන් කළේ එම අධ්‍යයනයේ වාර්තාව ලබන මස මුල් සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.

එම විශ්ව විද්‍යාලයට ඉඩම් පවරා දෙනු ලැබුවේ කේසේද යන්න විමර්ෂණය කිරීමට ද උසස් අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුව තීරණය කර තිඛෙනවා. මඩකලපුවේ ඉඳිවන විශ්ව විද්‍යාලය පිළිබඳව පරීක්ෂණයක් සිදු කිරීමට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව ද තීරණය කළා.එහි සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කළේ, ලබන 21 වැනි දා අදාළ පාර්ශව කමිටුව හමුවට කැඳවා ඇති බවයි

මඩකලපු විශ්්ව විද්‍යාලය උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට පත්කරන බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ පසුගිය 08 වනදායි


News Articles
Latest Videos
Most Popular Post