News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
21

පාස්කු ප්‍රහාරයට අදට මාසයයි, දැන් රටේ ආරක්ෂාව තහවුරුයි

834 Views


පාස්කු ප්‍රහාරයට අදට මාසයයි, දැන් රටේ ආරක්ෂාව තහවුරුයි

පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය එල්ල වී අදට (21) මාසයක් වනවා. ඉකුත් අපේ‍්‍රල් 21 වැනිදා කොළඹ හෝටල් 03කට සහ කොච්චිකඩේ,කටුවාපිටිය සහ මඩකලපුවේ දේවස්ථාන 03කට ත‍්‍රස්තවාදීන් විසින් මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර එල්ල කරනු ලැබුවා.මෙම ප්‍රහාරයන් හමුවේ ජීවිත 250කට අධික ප්‍රමාණයක් අපේ රටට අහිමි වූ අතර 450කට අධික පිරිසක් තුවාල ලැබුවා. මෙම ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසු ගතවු කාලය තුළ රට පුරා විශේෂ සෝදිසි මෙහෙයුම් මාලාවක් දියත් කෙරුණු අතර එහිදී ත‍්‍රස්ත ප‍්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් 89දෙනෙකු අත්අඩංගුවට ගැනුණා. ඉන් 69දෙනෙකු කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේත්, සෙසු 20දෙනා ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාශය භාරයේත් රඳවා ගෙන තවදුරටත් ප‍්‍රශ්ණ කෙරෙනවා.

කෙසේ නමුත් රටේ ඇතිවූ කලබලකාරී තත්වයෙන් පසු මේ වන විට ආරක්ෂාව තහවුරුකර ඇති බවයි රජය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශකර තිබුණේ. එමෙන්ම යුධ හමුදාපතිවරයා නිවේදනයක් නිකුත්කරමින් පවසා තිබුණේ අනියත බියකින් තොරව ළමුන් පාසල් කරා එවා සාමන්‍යය ජන ජීවිතය ආරම්භ කරන ලෙසයි.ඊට අදාලව රටේ ආරක්ෂාව තහවුරුකර ඇති බවයි යුධ හමුදාපතිවරයා වැඩි දුරටත් පවසා සිටියේ.


News Articles
Latest Videos
Most Popular Post