News Line| Off Air
Generic placeholder image

May
21

ශ්‍රී ලංකාව අද ස්කොට්ලන්තය සමග ගැටේ

923 Views


ශ්‍රී ලංකාව අද ස්කොට්ලන්තය සමග ගැටේ

සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ ස්කොට්ලන්ත කණ්ඩායම අතර දෙවන සහ අවසන් එක්දින කි‍්‍රකට් තරගය අද පැවැත්වෙනවා. තරගාවලියේ පළමු තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමුණු අතර අද තරගය පැවැත්වීමට හැකි වුවහොත් එය ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයින්ට ලෝක කුසලානයේදී හිිමිවන තණතීරුවලට සමාන තණතීරුවල අත්දැකීම් ලබාගැනීමේ අවස්ථාවක් වනු ඇති බවයි ක්‍රිකට් විචාරකයින් පෙන්වා දෙන්නේ.

එමෙන්ම දිමුත් කරුණාරත්න එක්දින තරගයකදී ශී‍්‍ර ලංකා පිල මෙහෙයවන පළමු අවස්ථාවද මෙය වනවා. ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියට පෙර ශී‍්‍ර ලංකා කණ්ඩායම තරගාවලියකදී සහභාගි වන අවසන් තරගයද මෙයයි. ලබන 30 වෙනිදා එංගලන්තයේදී ලෝක කුසලාන තරගාවලිය ආරම්භවීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post