News Line| Off Air
Generic placeholder image

May
22

2019 වසරේ ශ්‍රී ලංකාව ලද පළමු එක්දින තරග ජය ලබයි

1226 Views


2019 වසරේ ශ්‍රී ලංකාව ලද පළමු එක්දින තරග ජය ලබයි

ස්කොට්ලන්තය සමග ඊයේ පැවති එක්දින ක‍්‍රිකට් තරගය ඩක්වර්ත් සහ ලූවිස් න්‍යාය අනුව ලකුණු 35කින් ජය ගැනීමට ශ‍්‍රී ලංකාව සමත් වුණා.පළමුවෙන් පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50දී කඩුලූ 08ක් දැවී ලකුණු 322ක් ලබා ගත්තා.එහිදී ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වුයේ නායක දිමුත් කරුණාරත්නයි. ඔහු ලකුණු 77ක් ලබා ගත්තා. මීට අමතරව අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 74ක් කුසල් මෙන්ඩිස් ලකුණු 66 සහ ළහිරු තිරිමාන්න නොදැවී ලකුණු 44 ලබා ගැනීමට සමත්වුණා.

වර්ෂාවෙන් සිදු වූ බාධා නිසා ස්කොට්ලන්ත කණ්ඩායමේ පිළිතුරු ඉණිම පන්දුවාර 34කට සීමා කෙරුණු අතර ඩක්වර්ත් සහ ලූවිස් න්‍යාය යටතේ ඔවුන්ට හිමි වූ ඉලක්කය ලකුණු 235ක්.කෙසේවෙතත් පන්දුවාර 33යි පන්දු 02ක දී ඔවුන් ලකුණු 199කට සියලූ දෙනා දැවී ගියා. කඩුළු ලබා ගැනීමේදී නුවන් ප්‍රදීප් කඩුළු 4ක් බිඳහෙළනු ලැබුවා.

2019 වසරේදී ශ‍්‍රී ලංකාව ලබාගත් පළමු එක්දින ක‍්‍රිකට් ජයග‍්‍රහණය ද මෙයයි. දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් ශ‍්‍රී ලංකාව සහභාගී වූ පළමු එක්දින ක‍්‍රිකට් තරගය ද මෙය වනවා. ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියට පෙර ශ‍්‍රී ලංකාව සහභාගී වූ අවසන් ජාත්‍යන්තර එක්දින ක‍්‍රිකට් තරගය ද මෙයයි.


News Articles
Latest Videos
Most Popular Post