News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
23

ඉන්දීය නව අගමැති කවුද ? තීරණය ප්‍රකාශ කිරීම අද

805 Views


ඉන්දීය නව අගමැති කවුද ? තීරණය ප්‍රකාශ කිරීම අද

ඉන්දීය මහ මැතිවරණයේ නිළ ඡන්ද ප්‍රතිඵලය අද නිකුත් කිරීමට නියමිතයි.ඉදිරි පස් වසර සඳහා ඉන්දියාව පාලනය කරන අග්‍රාමාත්‍යවරයා සහ පාලක පක්ෂය කවුරුන්ද යන්න එහිදී තීරණය කරනු ඇති.අදියර 07 ක් යටතේ පැවති ඉන්දීය මහ මැතිවරණය අප්‍රේල් 11 වනදා සිට මැයි මස 19 වනදා දක්වා පැවැත්වුනා.

ඡන්දය සඳහා මිලියන 900 ක ඡන්ද දායකයින් පිරිසක් සුදුසුකම් ලබා තිබුණා.ඔවුන් ලෝක් සභාවේ ආසන 543 ක් වෙනුවෙන් සිය නියෝජිතයින් පත්කර ගැනීම සඳහා ඡන්දය භාවිත කළා.පාලක බලය හිමිකර ගැනීම සඳහා එක් පක්ෂයක් ආසන 272 ක් ලබා ගත යුතුයි.පාලන බලය ලබා ගැනීම සඳහා මෙවර ඉදිරිපත්වී තිබුණේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂයයි.රාහුල් ගාන්ධිගේ නායකත්වයෙන් යුත් කොංග්‍රස් පක්ෂය ප්‍රමුඛ සන්ධානය ද ඊට තරග වැදුනා

මහ මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දෙවැනි ධූර කාලය සඳහා යළිත් අග්‍රාමාත්‍ය ධුරයට පත්වනු ඇතැයි අනාවැකි පළ වී තිඛෙනවා

අවසන් වරට 2014 වසරේ පැවැති මහ මැතිවරණයේදී අග්‍රාමාත්‍ය මෝදිගේ භාරතීය ජනතා පක්ෂය උත්තර ප්‍රාන්තයේ ආසන 80න් 71ක් ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර මෙවර එහි යම් පසුබැසීමක් සිදුව ඇතැයි අනාවැකි පළ වී තිඛෙනවා.භාරතීය ජනතා පක්ෂයේ ප්‍රධාන ප්‍රතිවාදියා වන කොංග්‍රසය 2014 වසරේදී ඓතිහාසික පරාජයකට මුහුණ දුන් අතර මෙවර සැලකිය යුතු ප්‍රගතියක් අත් කර ගෙන ඇති බවයි දේශපාලන විචාරකයින් සදහන් කලේ


News Articles
Latest Videos
Most Popular Post