News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
23

බදියුදීන්,හිස්බුල්ලා,අසාද් සාලි වහාම ඉවත් කරන්න -සංඝරත්නයේ අත්සනින් යුත් සංඝ සංදේශයක් ජනාධිපතිට

2302 Views


බදියුදීන්,හිස්බුල්ලා,අසාද් සාලි වහාම ඉවත් කරන්න -සංඝරත්නයේ අත්සනින් යුත් සංඝ සංදේශයක් ජනාධිපතිට

අමාත්‍ය රිෂාඩ් බදියුදීන්,නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.ඒල්.ඒ.එම් හිස්බුල්ලා සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර ආසාද් සාලි යන මහත්වරුන් දැනට දරණ සියලූ‍ම තනතුරු වලින් වහාම ඉවත් කරන්නැයි ඉල්ලා දහස් ගණනක මහා සංඝරත්නයේ අත්සනින් යුත් සංඝ සංදේශයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ජාතික සංඝ සම්මේලනය ඊයේ භාර දුන්නා.

භික්ෂූන් වහන්සේලා ඊයේ කොළඹ නිදහස් චතුරස්‍රයට රැස්වී අන්තවාදීන්ගෙන් ශ්‍රී ලංකාව ආරක්ෂා කර දෙන ලෙස ඉල්ලමින් අධිෂ්ඨාන සත්‍යක්‍රියාවකද නිරත වූණා

සත්‍යක්‍රියාවෙන් පසුව භික්ෂූන් වහන්සේලා පිරිස ජනාධිපතිවරයාට සංදේශය භාර දීම සඳහා නිදහස් චතුරස්‍රයේ සිට වාහන කිහිපයකින් කොළඹ ගාලූ‍මුවදොර පිටිය අසලට වැඩම කළා.පසුව භික්ෂූන් වහන්සේලා කොළඹ ගාලූ‍මුවදොර ඉදිරිපිට මාර්ගය ඔස්සේ වැඩමකළේ ජනාධිපති ලේකම් කාර්යාලය වෙතටයි.


News Articles
Latest Videos
Most Popular Post