ත්‍රිවිධ හමුදාවේ සියළු නිලධාරීන්ට හා අනෙකුත් නිලයන් හට ගෙවනු ලබන සලාක දීමනාව ඇතුළු අනෙකුත් දීමනා වැඩි කර තිබෙනවා. මෙම දීමනාවල බොහොමයක් පසුගිය වසර 20 ක කාලයක් තිස්සේ කිසිදු වැඩිවීමක් කර නොමැති බවයි වාර්තා වුණේ.
මෙලෙස මෙම වැඩිකිරීම් සිදුකර ඇත්තේ 2019 අයවැය යෝජනා වලට අනුකූලවයි.
ත්‍රිවිධ හමුදා අයවලුන්ගේ වැටුපට අමතරව නිලධාරීන් සඳහා ගෙවනු ලබන මාසික සලාක දීමනාව 2019 ජනවාරියේ සිට ක්‍රියාත්මක වන පරිදි රු. 23,231 දක්වාද, සෙසු නිලයන්ගේ මාසික සලාක දීමනාව රු. 19,350 දක්වාද වැඩිකර තිබෙනවා.
මේ අතර ත්‍රිවිධ හමුදාවට ගෙවනු ලබන පහත සඳහන් දීමනා 2019 ජූලි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි වැඩි කරනු ලැබෙනවා.
ත්‍රිවිධ හමුදා සාමාජිකයන් වෙත ගෙවනු ලබන ගෙවල් කුලී දීමනාව දෙගුණ කෙරෙන අතර ශ්‍රී ලංකා නාවුක හා ගුවන් හමුදාවල සමාන නිලධාරීන්ද ඇතුළත් කොමාන්ඩෝ දීමනාව මසකට රු. 1000 සිට රු. 5000 දක්වා වැඩිකරනු ලැබෙනවා.
මංගල සමරවීර අමාත්‍යවරයා විසින් අයවැයෙන් යෝජිත පරිදි ත්‍රිවිධ හමුදාවේ සියළු නිලයන් සඳහා ගෙවනු ලබන දෛනික යහපැවැත්ම දීමනාව සහ නිල ඇඳුම් දීමනාව ද 2019 ජූලි 01 දින සිට වැඩි කිරීමට යෝජිතයි.