News Line| Off Air
Generic placeholder image

May
27

සිංහයන්ගේ අවසන් පුහුණු තරගය අදයි

849 Views


සිංහයන්ගේ අවසන් පුහුණු තරගය අදයි

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගමාලාවේ දී ශ්‍රී ලංකාව සහභාගී වන දෙවන හා අවසන් පුහුණු තරගය අද එංගලන්තයේ සවුත්හැම්ටන් හිදී පැවැත්වෙනවා.ඒ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිවයි. ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු තුනට තරගය ආරම්භ වනවා.

පළමු පුහුණු තරගය දකුණු අප්‍රිකාව සමග තරග වැදුණු ලංකාවට පරාජයක් අත්වූවත් මෙම තරගයේ තම අඩුපාඩු උපරිමයෙන්ම නිවැරදි කරගෙන ලෝක කුසලාන තරගාවලිය සදහා සාර්ථක ආරම්භයක් ලබාගන්නා බවයි නායක දිමුත් කරුණාරත්න සදහන් කර සිටියේ. එමෙන්ම  ලසිත් කණ්ඩායමත් සමග එකතුවෙන බව කියූ දිමුත් කරුණාරත්න පැවසුවේ ලසිත් මාලිංග කණ්ඩායම සමග එකතුවූ විට ශක්තිමත් පන්දු යවන්නන්ගේ බලඇණියක් තමන් සතු බවයි.


News Articles
Latest Videos
Most Popular Post