ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ශී‍්‍ර ලංකා කණ්ඩායම සහභාගි වූ දෙවන සහ අවසන් පුහුණු තරගයද ඊයේ පරාජයට පත් වුණා.ඒ, ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම හමුවේ කඩුළු 5 කින්.පළමුවෙන් පන්දුවට පහරදුන් ශී‍්‍ර ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර පනහේදී කඩුළු 8 ක් දැවී ලකුණු 239 ක් රැස් කළා.
එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ලහිරු තිරිමාන්න ලකුණු 56 ක්ද, ධනංජය ද සිල්වා ලකුණු 43 ක් සහ තිසර පෙරේරා ලකුණු 27 ක් රැස් කිරීමට සමත් වුණා.
ලකුණු 240 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම සිය ජයග‍්‍රහණය වාර්තා කළේ 45 වන පන්දු වාරයේදීයි.එහිදී උස්මන් කවාජා ලකුණු 89 ක් සහ ග්ලේන් මැක්ස්වෙල් ලකුණු 36 ක් රැස්කළා.පන්දු යැවීමේදී ජෙෆ්රි වැන්ඩර්සේ කඩුළු 2 ක් බිද හෙළු අතර නුවන් ප‍්‍රදීප්, ධනංජය ද සිල්වා සහ මිලින්ද සිරිවර්ධන අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.