News Line| Off Air
Generic placeholder image

May
29

මේක ශ්‍රී ලංකික ගායකයෙකුට මුල්වරට ලැබුණු අවස්තාවක් – විරාජ් පෙරේරා

1842 Views


මේක ශ්‍රී ලංකික ගායකයෙකුට මුල්වරට ලැබුණු අවස්තාවක් – විරාජ් පෙරේරා

විරාජ් පෙරේරා කියන්නේ ලංකාවේ ඉන්න දක්ෂ ජනප්‍රිය ගායකයෙක්. විරාජ්ට ඉන්දියාවෙන් සම්මානයක් ලැබුණා කියන කතාව හැමෝම කතාකරන් නිසා සියත 24 අපි විරාජ්ගෙන් මේ සම්මානේ ගැන විස්තර අහන්න කතා කෙරුවා.

එහිදී විරාජ් කිව්වේ ලෝකයේම ජනප්‍රිය ඉන්දියාවේ විකාශනය වන ප්‍රමුඛතම රියැලිටි වැඩසටහනක් වන Indian Idol සංගීත වැඩසටහනේ ආරාධිතයෙකු ලෙස සහභාගී වෙන්න තමන්ට අවස්ථාවක් ලැබුණු බවයි. එමෙන්ම එම වැඩසටහන සඳහා ශ්‍රී ලාංකික ගායකයෙකු සහභාගී වුණ පළමු අවස්ථාව මෙය බවයි ඔහු පැවසුවේ.

එමෙන්ම එහිදී ඔහුට සුපිරි ඉන්දියානු සංගීතවේදීන් වන ජස්කරන් සිං සහ සන්දීප් දත් හා එක්ව කටයතු කිරීමට අවස්ථාව හිමි වූ බවත් සම්මානය හිමි වුණේ වැඩසටහන හා සම්බන්ද වීම නිසා බවයි විරාජ් අපිට කිව්වේ.


News Articles
Latest Videos
Most Popular Post