News Line| Off Air
Generic placeholder image

May
29

විනිවිද පේන්නේ නෑ කියලා ලමයින්ගේ බෑග් විසි කරපු රටේම මේ විදිහේ වැඩත් වෙනවා

1091 Views


විනිවිද පේන්නේ නෑ කියලා ලමයින්ගේ බෑග් විසි කරපු රටේම මේ විදිහේ වැඩත් වෙනවා

පසුගිය පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව අඩපණ වූ ජන ජීවිතය දැන් යථා තත්වයට පත් වී තිබුනත් රට පුරා සිදුවන සෝදිසි මෙහෙයුම් තවමත් ක්‍රියාත්මකයි. විශේෂයෙන්ම පාසල් ලමුන්ගේ ආරක්ෂාව ගැන පක්ෂ විපක්ෂ වගේම සිවිල් සංවිධානත් නිතර නිතර කතාබහ කරන මාතෘකාවක් බවට පත්වෙලා. පසුගිය දින කිහිපයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් අපට වාර්තා වුණ පුවත් අතර තිබුණා පාසල් ළමුන්ට විනිවිද පෙනෙන බෑග් අනිවාර්‍යය කරපු පාසල් කිහිපයක්. නමුත් අධ්‍යපන අමාත්‍යංශයෙන් එවැනි නියෝගයක් නිකුත් කර තිබුණේ නැහැ.

සෑම උදෑසනකම පාසල් ලමුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පාසලට ලමුන් ඇතුළු වෙද්දී ලමුන්ගේ පාසල් බෑග් දෙමාපියන් ගුරුවරුන් එකතුව පරීක්ෂා කරනු ලබන්නේ ආරක්ෂාව තහවුරු කරන්න. අද සමාජ ජාලා වෙබ් අඩවි වල ටිකක් වෙනස් විදිහේ පරීක්ෂා කිරීමක ජායාරූප කිහිපයක් හුවමාරු වෙමින් පැවතුනා. ඔබ මේ පහලින් දකින්නේ එම ජායාරූප කිහිපයයි. ලමුන්ට බියක් නොදැනෙන ආකාරයට විනෝදයක් සපයමින් පාසල් බෑග් මේ ආකාරයට පරීක්ෂා කිරීම ගැන සමාජ ජාල පරිහරණය කරන්නන් ඉතා යහපත් ප්‍රතිචාර ලබාදී තිබුණා.මෙම පාසල කුමක්දැයි මෙතෙක් දැනගන්නට ලැබී නැහැ.

– උපුටා ගැනීම සමාජ ජාල –


News Articles
Latest Videos
Most Popular Post