ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරමින් තරග වැදුණු සත්කාරක එංගලන්තය හා දකුණු අප්‍රිකානු කණ්ඩායම් අතර තරගයේන් ලකුණු 104ක පහසු ජයක් ලැබීමට එංගලන්ත කණ්ඩායම සමත් උනා.
කාසියේ වාසිය දිනු දකුණු අප්‍රිකාවේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් සත්කාරක එංගලන්තය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 311ක් ලබාගත්තා. එහිදී ජේසන් රෝයි 54ක්ද ජෝ රූට් ලකුණු 51ක් සහ ඔවින් මෝගන් ලකුණු 57ක් රැස් කළා.
දක්ෂ පිතිහරභයක නිරත වූ බෙන් ස්ටොක් ලකුණු 89ක් ලබා ගත්තේ එංගලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වෙමින්.
ලකුණු 312ක ඉලක්කයක් සදහා පිටියට පිවිසි දකුණු අප්‍රිකානුවන්ට සියල්ලන්ම දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 207ක් පමණයි. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූයේ ක්වින්ටන් ඩී කොක්. ඔහු ලබාගත් ලකුණු සංඛ්‍යාව ලකුණු 68ක්.
තරගයේ විශේෂ අවස්ථා පහතින්….
https://www.facebook.com/cricketworldcup/videos/369859056994181/