මහ මැතිවරණයෙන් විශිෂ්ඨ ජයක් ලබා ගනිමින් යළිත් ඉන්දීය අග්‍රාමාත්‍යධූරයට තේරී පත් වූ නරේන්ද්‍ර මෝදි දෙවන වරටත් එම ධූරයේ දිවුරුම් දීමේ උත්සවය අද පැවැත්වෙනවා. පස්වරු 07 00 දිවුරුම් දීමේ උත්සවය ආරම්භ වන්නේ නව දිල්ලි නුවර රාශ්ට්‍රපතිභවන්හි දීයි.
මේ සදහා ශ්‍රී ලංකාව , බංග්ලාදේශය , ඉන්දියාව ,මියන්මාරය තායිලන්තය නේපාලය සහ භූතානය යන රටවල රාජ්‍ය නායකයින්ට ආරධනා කර තිඛෙනවා.කෙසේ වෙතත් පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට නරේන්ද මෝදිගේ දිවුරුම් දීමේ උත්සවයට ආරාධනා ලැබී නැහැ.
ඉන්දීය මාධ්‍ය වාර්තා කලේ පකිස්ථානය සමඟ පළුදු වූ සබඳතා තර කර ගැනීමට ඉන්දියාව තවදුරටත් අපේක්ෂා නොකරන බවට මෙමගින් පැහැදිලි වන බවයි.2014 වසරේ දී අග්‍රාමාත්‍ය ධූරයේ දිව්රුම් දෙන අවස්ථාවේදී නරේන්ද්‍ර මෝදි ,එවකට පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා වූ නවාස් ශරීෆ්ට ද එම අවස්ථාවට ආරාධනා කළා.
එම වසරේදී නවාස් ශරීෆ් සහ නරේන්ද්‍ර මෝදි අතර සබඳතා වර්ධනය වූ නමුත් පකිස්ථානයෙන් ඉන්දියාවට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාර හමුවේ දෙරටේ ද්වීපාර්ශ්වික සබඳතා වර්ධනය කරගැනීමට අවස්ථාවක් හිමිවුණේ නැහැ.මේ අතර දකුණු ඉන්දීය සිනමාවේ සුපිරි තරු වන රජිනිකාන්ත් සහ කමල් හසන්ට ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ දිව්රුම් දීමේ උළෙලට ආරධනා කර තිඛෙනවා.
මහ මැතිවරණය් අවසන් ප්‍රතිඵලය අනුව භාරතීය ජනතා පක්ෂය ආසන 352 ක් ජයග්‍රහණය කරමින් මැතිවරණයෙන් විශිෂ්ඨ ජයග්‍රහණයක් වාර්තා කළා.