12 වැනි එක් දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද එංලන්තයේ දී ආරම්භ වීමට නියමිතයි.සමාරම්භක තරගය මෙරට වේලාවෙන් පස්වරු 03 00 ට ආරම්භ වන්නේ එංගලන්තය හා දකුණු අප්‍රිකාව අතරයි. තරගය ලන්ඩන් හි කෙනින්ග්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සදහා මේ වන විට සියලූ කටයුතු සුදානම් කර අවසන්.
මෙවර එක් දින ලෝක කුසලාන තරගාවලියට සත්කාරකත්වය ලබා දෙන්නේ එංගලන්තය හා වේල්සයයි.තරගාවලිය අද සිට ජූලි මස 14 වනදා දක්වා පැවැත්වෙනවා.මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වන කණ්ඩායම් සංඛ්‍යාව 10 ක්.
මූලික වටයේදී සෑම කණ්ඩායමක්ම සෙසු කණ්ඩායම් සමග තරග වදින්නේ ලීග් ක්‍රමයටයි.එහිදී මුලික වටය යටතේ පැවැත්වෙන තරග ගණන 45 ක්.
සියලූ තරග එංගලන්තයේ ක්‍රීඩාංගණ 10 කදී පැවැත්වෙනවාඑහි අවසන් පූර්ව තරග මැන්චෙස්ටර්හිදී සහ බර්මින්හැම්හිදී ද, අවසන් මහ තරගය ලන්ඩන්හි ලෝඞ්ස් ක්‍රීඩාංගණයේදී ද පැවැත්වීමට නියමිතයි.
තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරගය ජුනි මස පළමුවනදා පැවැත්වෙන්නේ නවසීලන්ත කණ්ඩායමට එරෙහිවයි.මෙවර ශ්‍රී ලංකා පිළ මෙහෙයවන්නේ දිමුත් කරුණාරත්නයි.අන්තර් ජාතික එක් දින ශේ්්‍රණිගත කිරීම් වලට අනුව එංගලන්තය පෙරමුණ ගෙන සිටිනවා.ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 09 වන ස්ථාන යයි.
1975 වසරේ එංගලන්තය සත්කාරකත්වය ලබා දුන් පළමු ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය කොදෙව් කණ්ඩායම ජය ගත් අතර දෙවන වරටත් කොදෙව්වන් ලෝක ක්‍රිකට් කිරුළ දිනා ගත්තේ 1979 වසරේදීයි.
ඉන්දියාව 1983 වසරේදීත් ඔස්ටේ්‍රලියාව 1987 වසරේදීත් පාකිස්තානය 1992 වසරේදීත් පිළිවෙලින් එක්දින ලෝක කුසලානය දිනාගෙන තිඛෙනවා.1996 වසරේ පකිස්ථානයේ පැවති 06 වන ලෝක කි්‍රකට් කිරුළ අර්ජුන රණතුංග ප්‍රමුඛ ශ්‍රී ලංකාව දිනා ගත්තේ ඔස්ටේ්‍රලියාව පරාජය කරමින්.
99 වසරේ සිට අඛණ්ඩව තුන් වරක් එක් දින ලෝක කුසලානය ඔස්ටේ්‍රලියාව දිනා ගත්තා.ඒ එක්දින ක්‍රිකට් කිරුළ අඛණ්ඩව දිනා ගත් පළමු කණ්ඩායම බවට ඔස්ටේ්‍රලියාව පත් වෙමින්.2011 වසරේ ශ්‍රී ලංකාව පරාජය කරමින් ඉන්දියාව කුසලානය දිනා ගත් අතර අවසන් වරට 2015 වසරේ පැවති එක් දින ලෝක කුසලානය දිනා ගත්තේ ඔස්ටේ්‍රලියාවයි.
ඉන් වසර 04 කට පසුව පැවැත්වෙන මෙවර ලෝක කුසලානයේ ජයග්‍රාහකයින්ට කුසලානයට අමතරව ඩොලර් මිලියන 04 ක ත්‍යාග මුදලක් ද හිමි වනවා.