ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය සහ දකුණු අප්‍රිකාව අතර තරඟය ලකුණු 21 කින් ජය ලැබීමට බංග්ලාදේශ කණ්ඩායක සමත්කම් දැක්වූවා.
කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකානු පිළේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශය නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලු 6ක් බිඳ වැටී ලකුණු 330ක් ලබා ගත්තා. ඒ ඔවුන් කණ්ඩායමක් ලෙස එක්දින පිටියේදී ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාවයි. ලකුණු ලබා ගැනීමේදී මුෂ්ෆිකර් රහිම් ලකුණු 78ක්ද ශකීබ් අල් හසන් ලකුණු 75ක්ද ලබා ගත්තා.
ලකුණු 331 ලකුණු අභියෝගයකට මුහුණ දිමට පිටියට පිවිසි දකුණු අප්‍රිකානුවන්ට නියමිත පන්දුවාර 50 අවසනදී කඩුළු 8ක් දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 309ක් පමණයි. ඒ අනුව ලකුණු 21ක ජයක් බංග්ලාදේශ කණ්ඩායමට හිමිවුණා.තරගයේ වීරයා ශකීබ් අල් හසන්.
හෙට සත්කාරක එංගලන්තය හා පාකිස්ථානය නොට්ංහැම් හීදී තරග වැදීමට නියමිතයි.