උපතේදීම ජාතික හැඳුනුම්පත් අංකය ලබා දීමේ වැඩසටහනක් ඉදිරියේදී රට තුළ කි‍්‍රයාත්මක කිරීමට අවධානය යොමුව ඇති බව ඇමති වජිර අබේවර්ධන පවසනවා. පාස්කු ඉරිදා එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයට සම්බන්ධ ඇතැම් පුද්ගලයින්ට එකම අංකයට නම් 02කින් ජාතික හැඳුනුම්පත් නිකුත් කර තිබූ බවයි අමාත්‍යවරයා පැවසුවේ.
එය සැලකිල්ලට ගනිමින් අග‍්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි උපතේදී උප්පැන්න සහතිකයට ජාතික හැඳුනුම්පත් අංකය ලබා දීමේ වැඩසටහන කි‍්‍රයාත්මක කිරීමට කටයුතු කරන බවයි වජිර අබේරවර්ධන අමාත්‍යවරයා පැවසුවේ.