වහාම ආණ්ඩුකාර තනතුරුවලින් ඉල්ලා අස්වන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අසාද් සාලි සහ එම් එල් ඒ එම් හිස්බුල්ලා හට දැනුම් දී තිඛෙනවා. විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කලේ එම පණිවිඩය රැගත් නියෝජිතයන් ආණ්ඩුකාරවරුන් පුද්ගලිකවම මුණගැසීමට ගොස් ඇති බවයි.එමෙන්ම අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස රිශාඩ් බදියුදීන්ටද එක්සත් ජාතික පක්ෂය හරහා දැනුම්දීමටයි ජනාධිපතිවරයා කටයුතු කර ඇත්තේ.
කෙසේවෙතත් බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙතෙක් තමාට කිසිදු දැනුම්දීමක් කර නැතැයි අසාද් සාලි පවසා තිබුණා.තමා රට ගැන සිතා කටයුතු කරන බවත් රටට යහපතක් වන ඕනෑම තීරණයක් ගැනීමට සූදානම් බවත් ඔහු සඳහන් කළා.මේ අතර විදෙස් සංචාරයක නිරත වී සිටි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම් එල් ඒ එම් හිස්බුල්ලා මහතා ඊයේ රාත්‍රියේ ජනාධිපතිවරයා මුණගැසී තිඛෙනවා.කෙසේවෙතත් ඉල්ලා අස්වීමක් සම්බන්ධයෙන් එහිදී අවධානය යොමු නොවු බවයි ඔහු සඳහන් කලේ.