පාර්ලිමේන්තුව අද පස්වරු 01 ට කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විමට නියමිතයි.විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරිමට ද නියමිත බවයි වාර්තා වන්නේ.
පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු රටේ ආර්ථීකය සහ ජනතාවට සහන ලබාදීම පිළිබඳව අග‍්‍රාමාත්‍ය රනිල් වික්‍ර්‍රමසිංහ මහතා ප‍්‍රමුඛ රජය සමඟ විපකෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රමුඛ කණ්ඩායම ඊයේ සාකච්ඡාවක නිරත වුණා.
මේ සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිතයි.එහිදී පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු ආර්ථීකය ගොඩනැගීම සඳහා රජය ගෙන ඇති පියවර, සංචාරක ක්ෂේත‍්‍රය ඇතුලු විවිධ ක්ෂේත‍්‍ර සඳහා රජය ලබා දී ඇති සහන, ආදිය සම්බන්ධයෙන් දීර්ඝ පැහැදිලි කිරීමක් සිදු කරනු ඇති.