News Line| Off Air
Generic placeholder image

Jun
4

රතන හිමියන් තවමත් ශල්‍ය දැඩි සත්කාර ඒකකයේ

1012 Views


රතන හිමියන් තවමත් ශල්‍ය දැඩි සත්කාර ඒකකයේ

පූජ්‍ය අතුරලියේ රතන හිමිගේ තවදුරටත් මහනුවර මහ රෝහලේ ශල්‍ය දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි අප රෝහල් වාර්තාකරුවන් පවසන්නේ.ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් පූජ්‍ය අතුරලියේ රතන හිමි පසුගිය සිකුරාදා දිනයේ උපවාසයක් ආරම්භ කල අතර බස්නාහිර සහ නැගෙනහිර ආණ්ඩුකාරවරුන් සිය ධුරවලින් ඉල්ලා අස්විමත් සමඟ උන්වහන්සේ උපවාසය අත්හරිනු ලැබීය.

දින හතරකට ආසන්න කාලයක් කෑම සහ දියර පානය නොකිරිම හේතුවෙන් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විජලන තත්ත්වයෙන් පසුවන බව මහනුවර මහරෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ආර්.එම් සමන් රත්නායක මහතා සඳහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post